මැදිරිගිරියේ වෙඩිතැබීමකින් කාන්තාවක් මියයයි
මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිය නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදී මෙම කාන්තාවට, සැඟවී සිටි අයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවට තොරතුරු අනාවරණය වීඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සැකපළ කරන්නේ ඇයගේ අනියම් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවටයි කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය එල්ලකළ සැකකරු පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලීසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

