Latestදේශීය

සුපිරි ධනවතුන්ට සලකමින් රට බංකොලොත් කරන රනිල්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සුපිරි ධනපතින්ට සහන සලසා දෙමින් රට බංකොලොත් කළ බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එය ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිදු හැඟීමක් වත්මන් ආණ්ඩුවට නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා, එයට ආසන්නතම උදාහරණය වන්නේ විදුලි බිල බවද පැවසීය.

රට විනාශ මුඛයට රැගෙන ගිය පිරිස සුරක්ෂිත කරන්නේ, වර්තමාන ජනාධිපතිවරයා විසින් බවත්, එවන් දුර්දාන්ත ආණ්ඩුවක් සමග සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් එක් නොවෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කලේය.

වත්මන් ජනාධිපතිවරයාව පත් කිරීමට මුල්වූ පොහොට්ටුව ඒ වෙනුවෙන් අමාත්‍යධුර ඉල්ලා ජනාධිපතිවරයාට බලපෑම් කිරී⁣ම අද වනවිට සූදුවක් බවට පත්ව ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ මොනරාගල පළාත් පාලන අපේක්ෂකයින් හමුවෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කරන ලදී.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *