දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක්
දකුණු පැසිෆික් සාගරයේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඒ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේයි.
රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී තිබේ.
කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

