මාස 3ට ණය කන්ද ඩොලර් බිලියන 7කින් ඉහළට
මෙම වසරේ මුල් මාස තුනේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කරන ණය වාර්තාවෙන් හෙළිවේ.
පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40.123 සිට 2023 මාර්තු 31 දින වනවිට ඩොලර් බිලියන 46.900 දක්වා ඉහල දමා තිබේ. එම කාලය තුළ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.976 සිට 36.090 දක්වා ඉහල දමා තිබේ. මේ අනුව මාස තුනකදී ඩොලර් බිලියන 7කට ආසන්න සමස්ත ණය ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ලබා ගෙන ඇත.
දිනදී ණය ගැනීමේ සාමාන්‍ය ඩොලර් මිලියන 76.2ක් ණය ලබා ගෙන ඇත. නිල දත්තවලදී රුපියල්වලින් සඳහන් කරනවා වෙනුවට පවතින අවිනිශ්චිත විනිමය අනුපාත හේතුවෙන් ඩොලර්වලින් සඳහන් කිරීමට යොමුවී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

