Latestදේශීය

විශ්‍රාම වැටුප් ලබද්දී තවත් සම්පත් භුක්ති විදින මැතිසබේ ලොක්කා

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා බව වාර්තා වේ.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් හා සේවකයන් දැඩි අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක්ම පැමිණෙන අතර ඒ පැමිණෙන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබා ගන්නා බව දැනගන්නට ඇත.

රජයේ ඉහළ ප්‍රධානියකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්ව ඇතත් මැති ඇමැතිවරුන් රැසක්ද ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රටේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි පත් කිරීම් කර වැටුප් ගෙවීම සහ අනෙකුත් පහසුකම් ලබාදීම බරපතළ ගැටලුවක් බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *