ජපුර විශ්ව විද්‍යාලයේ මල අපද්‍රව්‍ය ඇළට
හෝමාගම මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයට අයත් සිසු නේවාසිකාගාරයේ මල අපවහන පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් උද්ගතවී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අපද්‍රව්‍ය ඇළ මාර්ගවලට එකතුවීම හේතුවෙන් සිය එදිනෙදා කටයුතුවලට ද බාධා එල්ලවී ඇති බවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයට අයත්, මෙම ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිසුන් 1,500ක් පමණ නවාතැන් ගෙන සිටී.
නමුත් කලක සිට නේවාසිකාගාරයේ මල අපවහන පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් මල අපද්‍රව්‍ය ප්‍රදේශයේ ඇළ මාර්ගවලට එකතු වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.
මෙම ඇළ මාර්ගවලින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 20කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය වන අතර මෙලෙස මල අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් ගොවීන්ටද කුඹුරුවලට බැසීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ද විමසීම් කර පිළියම් ලබාදී තිබුණද එය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අංශ මෙතෙක් ක්‍රියාකර නොමැත.
මෙවන් පසුබිමක ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය ගැටලුවට විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙසය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

