ප්‍රංශයේ භූ කම්පනයක්
බටහිර ප්‍රංශයේ භූ කම්පනයක් සිදුවී තිබේ.
එරට සිදුවු ප්රබලතම භු කම්පනයක් ලෙස සැලකෙන මෙම භු කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනය හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට මේ වනවිට වාර්තා වී ඇති අතර ගොඩනැඟිලි රැසක බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් ද නීරීක්ෂණය වී ඇති බව බලධාරීන් සඳහන් කර තිබේ.
භූ කම්පනයෙන් විදුලි රැහැන් කඩාවැටීම හේතුවෙන් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව ද සඳහන් වෙයි.
ප්‍රංශයෙන් ඒකක 5 ඉක්මවූ භූ කම්පන වාර්තාවීම දුලබ සිදුවීමක් වන අතර එරට තුළ එවැනි භු කම්පනයක් අවසන්වරට සිදුවී ඇත්තේ 2019 වසරේදී බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

