පොහොට්ටුවට ඇමතිකම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාප ගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීම සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම මනාප ගත් කීපදෙනෙකුටම අනිවාර්යෙන් ඇමතිධුර හිමි වූ බවත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.
ඒ අනුව එම දිස්ත්‍රික් නායකයන්ට ප්‍රබල වගකීමක් ලබාදීමට එකඟතාවක් ඇති වී තිබෙන බවත් එය කැබිනට් ඇමතිධුරයක් හෝ වෙනත් ප්‍රබල තනතුරක් විය හැකි බවද වාර්තා වෙයි.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්දසේන, සී බී රත්නායක, රෝහිත අබේගුණවර්ධන, විමලවිර දිසානායක ඇතුළු පිරිසකට මෙසේ තනතුරු ලබාදීමට එකඟතාවකට පැමිණ ඇති බවද සඳහන්ය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

