සීනිගමදී හිටපු මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබීමක්
හික්කඩුව, සීනිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්තීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයා සිය කැබ් රථය ඊයේ (17) දහවල් සීනිගම නගර මධ්‍යයේ නතර කර තබාගෙන සිටි අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩ් තබා පලා ගොස් තිබේ.
වෙඩි වැදුණු මන්ත්‍රීවරයා සිය මෝටර් රථයෙන්ම හික්කඩුව පොලීසියට ගොස් තිබේ. එහිදී 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන පොලිසියේද මැදිහත්වීම ඇතුව කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.
වැඩිදුර විමර්ශන මීටියාගොඩ පොලිසිය විසින් සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

