විදේශීය

උගන්ඩාවේ පාසලකට ප්‍රහාරයක්

සන්නද්ධ කැරලිකරුවන් විසින් උගන්ඩාවේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා.එසේම මෙම ප්‍රහාරයෙන් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.එලෙස ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය ද බරපතල බව සඳහන්.

සන්නද්ධ කැරලිකරුවන් පසුගිය සිකුරාදා රාත්‍රියේ කොංගෝ දේශසීමාවේ පිහිටි Mpondwe හි Lhubirira ද්විතීයික පාසලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

එමෙන්ම මෙම කැරලිකරුවන් පාසලේ නේවාසිකාගාරයට ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක් ද කොල්ල කා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *