ප්‍රසන්නගේ නිවසට ප්‍රහාරයක්
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇතැයි සපුගස්කන්ද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැත. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දි අලාභානි සිදුකළ පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. ඒ අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

