විද්‍යුත් වාහන ගෙන්වයි
විදේශගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ යටතේ විද්‍යුත් වාහන 111ක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර ඇත.
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ නීත්‍යානුකූල ලෙස විදේශ විනිමය මෙරටට එවනු ලබන ශ්‍රමිකයන් සඳහා වරප්‍රසාද රැසක් ලබාදී තිබෙන බවයි.
ඒ අනුව හඳුන්වා දී ඇති විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ක්‍රමය යටතේ ඉකුත් මැයි මස සිට මෙම බලපත්‍ර නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.
බලපත්‍ර ලබාගත් විදේශිකයන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන් බවත් ඔහු පෙන්වා දෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

