Latestදේශීය

ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි පරීක්ෂාවට

ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ මෙම ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවීම පිළිබඳව සළකා බලා එම තීරණය ගත් බවයි.

අදාළ ඖෂධ වර්ග දෙක ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්ව එම ඖෂධ වර්ග දෙක මෙරට භාවිතයට ගෙන ඇති බවද ඔහු පැවසුවා.

සෞඛ්‍යය අමාත්‍යාංශය පවසන්නේ මෙම ඖෂධ වර්ග භාවිතයෙන් පසු රෝගීන් මියයාම සහ ආසාත්මිකතා වලට ගොදුරුවීම සම්බන්ධයෙන් වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කළ බවයි. සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ක්‍රියාත්මක වේ.

ලේකම්වරයා ප්‍රකාශ කළේ ඖෂධ භාවිතයෙන් පසු මරණයට පත්වූ සහ ආසාත්මිකතා වලට ගොදුරු වූ පුද්ගලයින්ට ඖෂධ සමාගම් වලින් වන්දි අයකරගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙම කමිටුව සොයා බලන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?