බොර තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී තිබෙනවා.
අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඔපෙක් සාමාජිකයින් පසුගියදා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩි විය. නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට ඇතිවී ඇති බලපෑම හමුවේ බොර තෙල් මිල අඩුවී තිබෙනවා.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් දක්වාද අඩුවී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

