Latestදේශීය

වහාම බේකරි නිෂ්පාදන මිළ පහත දමන්න

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට කටයුතු කරන ලෙස බේකරි හිමියන්ට දැනුම් දුන් බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරනු ලැබුවා. දින දෙකක් ඇතුළත අදාළ අඩු කිරීම් සිදු කළ යුතු බව සදහන්.

එසේ සිදු නොකරන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් සතියක් තුළ බේකරි නිෂ්පාදන මිල ගණනන් අඩු කළ හැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *