ඩෙංගු නිසා පාසල් නිළ ඇඳුමත් වෙනස්වෙයි
පාසල් නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර හිමිවුණා.
පාසල් දරුවන් ඩෙංගුවලින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බව පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා පැවසුවා.
ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේදී , දිවයිනේ සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් ඇති බවයි එම කමිටුවේ ලේකම් බුද්ධිකා ගමගේ මහත්මිය පැවසුවේ.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කමිටුව ක්‍රියාත්මක වේ.සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂඥයින් පිරිසක් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.
බස්නාහිර පළාතෙන් පසු මහනුවර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද, ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ බස්නාහිර පළාතෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,881 ක් බවයි.
එය ප්‍රතිශතයක් ලෙස 49.9% ක් බවද එම ඒකකය පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

