ඉතිහාසගත ගංජා වැටලීම – කිලෝ 1150ක් අත්අඩංගුවට
(ප්‍රගීත් ජනක)
ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් ඇඹිලිපිටිය නව නගරය ප්රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ කාමරයක් තුළ සූක්ෂමව වෙළඳාම සඳහා සකස් කරමින් තිබූ ගංජා කිලෝ එක්දහස් එකසිය පනහකට වැඩි ප්රමාණයක් ඇඹිලිපිටිය පොලිසියේ කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇඹිලිපිටිය කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝදරගම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීමේදී වියළි ගංජා කිලෝ එක්දහස් එකසිය පනහකට වැඩි ප්රමාණයක් තරාදි දෙකක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

