ශ්රී ලංකා කණ්ඩායමට ජය
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ සහභාගී වූ පළමු තරගය ලකුණු 175 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුනා.
ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 355ක් ලබාගත්තා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙහිදී මුල් පිතිකරුවන් සිව්දෙනෙක් අර්ධ ශතක ලබාගත්තා.ඒ පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්රමයි.
එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත්තා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

