ඇමතිකම් ඉල්ලලා රනිල්ට කරදර කරන එක වැරදියි
රනිල් විකුමසිංහ මහතා ජනාධිපති කරවීමට සහාය දුන් පොදුජන පෙරමුණේ නායකයන් අමාත්‍යධූර ඉල්ලීම අසාධාරණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍යධුර නොලැබීම නිසා කලකිරීමකින් සිටින බව කී ඒ මහතා අමාත්‍යධූර ඉල්ලීමේ වරදක් නොදකින බව පැවසීය.
නමුත් එම ඉල්ලීම ඉටු කරන්නේද නැද්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු බවද හෙතෙම කියා සිටී.
ජනාධිපතිවරයාට වර්තමාන බලතල ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

