Latestදේශීය

ටයිටැනික් නැව බලන්න  ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට අතුරුදන්ව තිබේ.

මෙම සබ්මැරිනය අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකි.

එහි ගමන් කර ඇති පුද්ගලයින් ගණන පහකි.

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *