Latestදේශීය

කතරගම සුරාසැල් වැසේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජූලි 04 මස වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම දේවාලයෙහි ඇසළ උත්සවය සඳහා සහභාගී වන බැතිමතුන් කිසිවෙකුටත් මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ දී රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු ක‍ර ඇති බව ද වාර්තා වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *