පොහොර හැංගුවොත් වැඩ වරදිනවා
ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා හැරෙන බවත් දිවයිනේ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ දී පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු මතු කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කොහේ හෝ පොහොර හිහ්හයක් තිබෙනවා නම් හෝ රජය අපහසුතාවට පත් කරන ආණ්ඩු විරෝධී නිලධාරීන් සිටිය හැකි බවත් එවැනි නිලධාරීන් පොහොර තියාගෙන නෑ කියනවා නම් නිලධාරීන් ඒ වරද කරනවා නම් ඊට විරුද්ධව පියවර ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
රටපුරා යූරියා පොහොර යනවා. හතළිස් දාහට පොහොර තිබුණේ. මඩ පොහොර තිබුණේ නෑ. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එම්.ඕ පී පොහොර තිබෙනවා. හිඟයක් තිබෙන්න විදියක් නෑ. දේශපාලනය තියාගෙන මේක කරන්න බෑ. අහිංසක ගොවි ජනතාව පීඩාවට පත් වෙන්නේ ,දුක් විදින්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

