අලි සබ්‍රි චීනයට
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි.
චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් මහතාගේ ආරාධනයකට අනුව අලි සබ්රි අමාත්‍යවරයා එම සංචාරය සිදුකිරීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව, ලබන 24 වනදා සිට 30 වනදා දක්වා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය චීන නිල සංචාරයක නිරතවේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

