රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද (21)
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූ අතර තෙවන දිනටත් අද (21) වීථි සංචාරය කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.පෙරහර ජූලි මස 04 වනදා දක්වා පැවැත් වීමට නියමිතය.මේ අතර කතරගම පෙරහැරට සමඟාමීව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව පොලීසිය පවසයි.
විදේශිකයින් ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇති අතර මුහුදු තීරයේ සහ දියනෑම් සිදුකරන ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇති බව පොලීසිය නිවේදනය කරයි.වැඩි වශයෙන් භාවිතා කරන වැව් හා ජලාශ ආශ්‍රිතව විශේෂ බෝට්ටු සේවාවක් යොදා ජලාශ ආශිත මුර සංචාර රාජකාරී් ප්‍රමාණයද වැඩිකර ඇත.
පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපළවල ආරක්ෂාව තහවුරු කිරිම සඳහාඳ ආරක්ෂක වැඩපිළිවලක් මෙන්ම පොලිස් නිලධාරීවන් විශේෂ රාජකාරීවල යොදවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

