Latestවිදේශීය

හොන්ඩුරාස් හි ගින්නක් -41 ක් මරුට

මධ්‍යම ඇමරිකානු රටක්වන හොන්ඩුරාස් හි කාන්තා බන්ධනාගාරයක ප්‍රතිවාදී කල්ලි අතර ඇතිවූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.එක් කල්ලියක් විසින් ප්‍රතිවාදී කල්ලි සාමාජිකයින් සිර මැදිරියක සිරකර ගිනි තබා ඇති බවයි වාර්තා වී තිබෙන්නේ .

රැඳවියන් 25 දෙනෙකු පිළිස්සී මිය ගිය බවට විශ්වාස කෙරෙන අතර අනිත් අය වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.තුවාලකරුවන්ගෙන් ඇතැමුන් රෝහල් ගත කර තිබෙනවා .

පිළිස්සී ගිය දේහයන් හඳුනාගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *