මධ්‍යම පැරීසියේ විශාල පිපිරීමක්
මධ්‍යම පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ප්‍රංශ අගනුවර Rue Saint-Jacques හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව තිෙබනවා.
අවම වශයෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරෙන බවත් හදිසි සේවකයින් සෝදිසි කිරීමේ කටයුතු සිදුකරන බවත් විදෙස් මාධ්‍ය පවසනවා
සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි පිපිරීමට පෙර දැඩි ගෑස් ගඳක් ඇතිව තිබෙන අතර ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පැරිසියේ පොලිස් ප්‍රධානී ලෝරන්ට් නුනෙස් සඳහන් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.කෙසේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

