පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබේ.අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉකුත් 06/15 දින ” වයිඩ් ජුලියට් “(Wide Juliet ) නැමැති නැවෙන් මෙම ශීතකරණ ලද බහාලුමක් තුළ මෙම හෙරොයින් තොගය කොළඹ වරාය වෙත ගෙනැවිත් තිබුණි .
එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබෙන අතරමේ පිළිබඳ විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය විසින් සිදුකරනු ලැබු අතර ඒ සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ද සහාය හිමිව ඇත.
විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය සහ අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාරදීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

