පවුලක මාසික වියදම 75000 ඉක්මවයි – එක්සත් ජාතින්ගේ සංවිධානය
මේ වනවිට ශ්‍රී ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 76,124/-ක් දක්වා ඉහල ගොස් ඇති අතර පසුගිය වසර අවසන් වනවිට එම වියදම රුපියල් 63,820/- වූ බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂීකර්ම සංවිධානයේ අලුත්ම වාර්තාවකින් හෙළිකර තිබේ.
මේ අනුව ගෙවී ගිය මාස 6 තුළ රුපියල් 12,304/-ක ප්‍රමාණයකින් ජීවන වියදම වියදම ඉහල ගොස් තිබේ. එහෙත් ආණ්ඩුව අලුතින් පවුල් ලක්ෂ 23කට ලබාදීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතිය අනුව එක් පවුලකට රුපියල් 2,500/-ක අවමයක සිට රුපියල් 15,000/-ක උපරිමක් දක්වා කාණ්ඩ 4ක් යටතේ “අස්වැසුම” නමින් මහජන සහනාධාරයක් ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
මේ වෙනුවෙන් වසරකට ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් කෝටි 20,800කි. පසුගිය වසරේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අය කර ගත යුතුව තිබූ රුපියල් කෝටි 90,400ක් අය කර නොගෙන පොලු තැබීමට ඉඩ හැර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

