මේක ජනාධිපතිවත් පන්නාදැමූ රටක් බව පාලකයින් මතක තියාගන්න
ස්වේච්ඡාවෙන් වන්දිගෙන විශ්‍රම යැවීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් විශ්‍රාම ගත් විශාල පිරිසක් රැවටීමට ලක් කිරීම තවදුරටත් සිදුවන බව වාර්තා වේ.
විශාල පිරිසක් පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් තිබූ අතර එයින් තෝරාගත් සුළු පිරිසකට අදාල වන්දි චෙක් පත් ලබාදීමට පාලන ආධිකාරිය ඊයේ (21) ක්‍රියා කර තිබිණි. නමුත් එම චෙක්පත් පවා බැංකුවලට යොමු කර ඔවුන් ගෙවියයුතු බැංකු ණය එකවර කපා ගැනීමේ තත්වයක් පැවතීම හේතුවෙන් සේවකයෝ ඉට එකඟ වී නැත.
පසුගියදා පැවති විරෝධතාවයට එම සංස්ථාවේ සංගීත අංශයේ නාලක අංජන කුමාර, පරිපාලන අංශයේ නිරෝෂණී පරණගම, නිවේදන අංශයේ සිටින ප්‍රවීන නිවේදකයන් මෙන්ම පලපුරුදු තාක්ෂණ ශිල්පීන් ඇතුළු ගුවන් විදුලි සංස්ථාවේ වෘත්තීමය පලපුරුද්ද ඇති බොහෝ පිරිසක් පෙරමුණේම සිටියහ. මේ වනවිට තම දරුවන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය ගැටලු විඳාගැනීම ජීවත්වීම සහ බැංකු ණය ගෙවීමට පවා නොහැකිවන සේ මහ මගට ඇද දමා ඇතැයි කරුණු හෙළිකරණු ලැබීය.
එම විරෝධතාවයට එක් වූ සියලුමදෙනා හඬගා කියාසිටියේ තමන්ව රැවටිමට ලක් කිරීම බරපතල තත්වයක් බවත් ජනතාව එක්වී ජනාධිපතිවරයාත් ගෙදර යැවූ රටක් බව පාලකයන් මතක තබා ගත යුතු බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

