5 දෙනක් ගිය සබ්මැරිනයේ කොටස් 5ක් හමුවෙයි
ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ.
ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්රකාශ කර තිබේ.
අදාළ යාත්රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔහු සඳහන් කර ඇත.
ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.
පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.
අදාළ යාත්රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

