ක්ෂය රෝගීන් ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම මේ වසරේ ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවද එම වැඩසටහන සඳහන් කරයි.
මෙම වසරේ පළමු කාර්තුව තුළ ක්ෂය රෝගීන් 2,525 දෙනෙකු හඳුනාගෙන ඇති බව ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ පවසයි.
විශේෂයෙන් කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බවද ඇය අවධාරණය කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

