චීන ඇමරිකා සීතල යුද්ධය යලි කරලියට
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මීලඟ ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් ඔහුගේ පක්ෂයට මුදල් එකතු කිරීමේ ජන හමුවකදී චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙකු වශයෙන් හැඳින්වීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් චීන විදේශ ආමාත්‍යාංශයේ ප්‍රකාෂිකා මා වෝ නිංග් ඊයේ (21) පවත්වන ලද දෛණික මාධ්‍ය හමුවේදී දැඩි ප්‍රතිචාර දක්වා ඇත.
චීන ප්‍රකාශිකාව සංඳහන් කර තිබෙන්නේ ඇමරිකාණු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රකාශය ඉතාම අමනෝඥ වගකීමකින් තොර හා දේශපාලනමය ප්‍රකෝප කිරීමකින් යුක්ත වන බවය. එසේම චීනයේ දේශපාලන ගරුත්වයට බරපතල හානි සිදු කිරීමට සිතාමතා කරන ලද්දක් බවය.
බයිඩ්න්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව චීනයේ අති නවීන යුධ නෞකා තායිවාන මුහුදු සීමාව හරහා ගමන් කරවීමෙන්ද ප්‍රතිචාර දක්වා තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

