හිරුණිකා සජබය පතුරු ගසයි
සමගි ජන බලවේගයේ වත්මන් තත්ත්වය පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
සමගි ජන බලවේග නායකයන් විශ්වාස කරන්නේ මුහුණු දෙකේ තක්කඩියන් පමණක් බව ද ඇය සඳහන් කළාය.
දවල්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් රාත්‍රියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින කපටියන් පක්ෂය තුළ සිටින බවද ඇය සඳහන් කරයි.
නමුත් පක්ෂය වෙනුවෙන් කැපුවුන තමන් වැනි අය වෙනුවට නායකයා විශ්වාස කරන්නේ ඔවුන් බව ද ඇය චෝදනා කළා ය.
සමගි ජන බලවේග පක්ෂයෙන් යළිත් පාර්ලිමේන්තුවට පත් වී ජනාධිපතිතුමා සමඟ එකතු වන බව ඔවුන් පවසන බවද පැවසූ ඇය හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර මන්ත්‍රී වරුන්ට එරෙහිව මුලින් විනය ක්‍රියාමාර්ග ගත්තේ නම් ඉන්පසු කිසිවකුත් ජනාධිපති සමග සම්බන්ධ වීමට කටයුතු නොකරනු ඇති බවද ඇය කියා සිටියාය.
සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාද සහභාගී වූ ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

