Latestදේශීය

රනිල් නැවත ජනාධිපති කරවන්න කිසිම ප්‍රශ්ණයක් නැහැ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේනම් ඔහුට සහාය පළ කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති බවය.

“පොහොට්ටුවේ කවුරුත් තාම කියලා නෑ ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා ද නැද්ද කියන ඒක අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.  හේතුව තාම ජනාධිපතිවරණයක් නම් කරලා නෑ.  ජනාධිපතිවරණයක් නම් කරපු වෙලාවට අපි කියන්නම් අපේ අපේක්ෂකයා  කවුද කියලා. එතුමා ගන්න සමහර තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි. හැබැයි රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දු මත රට යම් ස්ථාවර මට්ටමකට රට පත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා, අපි දන්නේ නෑ එතුමා තාම නිවේදනයක් කරලා නෑ. ජනාධිපතිවරණයක් තියෙනවා නම් එතුමා එනවානම් අපිට කිසිම ගැටලුවක් නැහැ එතුමාට උදව් කරන්න.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *