Latestදේශීය

මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින්

පසුගියදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විසින් නව සමාජිකයින් තෝරා ගැනීම සිදුකර තිබුණා.

මෙම නව සාමාජිකයින් 05 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් පත්කිරීම සිදුකරනු ඇති බවය ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කිරීමට අනුමැතිය ලබාදී ඇති බවද සඳහන්.

ඊට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරා, හිටපු නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ දීපානී කුමාරජීව, නීතිඥ අමීර් ෆායිස් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇත.

අදාළ නාම යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු වසර 05ක කාලයක් සඳහා ඔවුන්ගේ නිල කාලය ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *