කොළඹ – මඩකලපුව දුම්රිය මගීන්ට විශේෂ බස් සේවාවක්
කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් සඳහා විශේෂ රාත්‍රී බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින්යේ (24) රාත්‍රියේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.00ට මඩකලපුව බලා පිටත්වන පුලතිසි සිඝ්‍රගාමි දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට අක්කරෙයිපත්තුව දක්වා මෙම රාත්‍රී බස් සේවාව ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝව මගින් මෙම සේවාව ආරම්භ කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව බව සඳහන්.
මෙම විශේෂ බස් රථ සේවාව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30 ට පිටත් වී කාත්තාන්කුඩි, ආරයම්පති, කලුවංචිකුඩි, කල්මුණේ, කාරයිතිව්, නින්දවුර්, අට්ටාලයිචේන හරහා අක්කරෙයිපත්තුව වෙත ළඟාවීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

