Latestදේශීය

පොලීසියට විශේෂ ත්‍යාග සහ ගෙවීම් : පොලිස්පති නිල කාර්යාලය

පොලිස් භාරයට ගන්නා නීතිවිරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ගෙවන, ත්‍යාග මුදලේ වටිනාකම වැඩකිරීමට තීරණය කර තිබෙන බව පොලිස්පති නිල කාර්යාලය පවසනවා.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇත.

මාසයක කාලයක් සඳහා මුදලේ වටිකාම වැඩිකර ඇත්තේ පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීම සඳහා බවද සදහන්.

මෙම ත්‍යාග අද (24) සිට ජුලි 31 දක්වා දක්වා සිදු කරන වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් මෙසේ ත්‍යාග මුදල් හිමිවේ.
 
පසුගිය කාලසීමාවේ වාර්තා වූ  අපරාධ අනුව නීතිවිරෝධි ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය වන බැවින් අදාළ  පියවර ගත් බවයි පොලිසිපති නිල කාර්යාලය නිකුත් කළ අදාළ උපදෙස් පත්‍රිකාවේ දක්වා ඇත්තේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *