Latestදේශීය

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධ අදහස් විමසීමක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධ එහිදී අදහස් දැක්වීමට මහජනතාවට හැකියාව පවතිනවා.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන අඟහරුවාදා දින එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

විදුලි ගාස්තු පිළිබඳවද ඒ ආශ්‍රිත තවත් සෙසු කරු‍ණු පිළිබඳවද එහිදී සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සෙසු සාමාජිකයින් අතර සාකච්ඡාවක් මෙම මස අවසානයට පෙර පැවැත්වීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *