Latestදේශීය

දීර්ඝ බැංකු නිවාඩුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමටයි

එළැඹෙන 29 වන දින සිට ජූලි මස 03 වැනි දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සහ ජුනි 30 වන දා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස නම්කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

නමුත් එම කාලසීමාව තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බැංකු ගනුදෙනුවට බලපෑමක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියි.

ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ දී දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කරන බවත් පොලී අනුපාත වලට බලපෑමක් ඇති නොවන බවත් හෙතෙම කියා සිටී.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමටත් කාලයක් අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කලේය.

මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *