Latestදේශීය

ගාලු මුවදොර යාචකයින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත

ගාලු මුවදොර පිටියේ සිටින යාචකයින් රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.

ගාලු මුවදොර පිටිය තුළ සිටින යාචකයින් පිරිස ඉහළ ගොස් තිබෙන අතර යාචකයින් 150 දෙනෙකු පමණ මෙම ප්‍රරිශ්‍රයේ සිගමන් යැදීම ජනතාවට දැඩි හිරිහැරයක් බවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ගාලු මුවදොර පිටියේ මෙම තත්වය මැඩලීම සඳහා වරාය අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙලට අනුව යාචකයින්ට අවශ්‍ය නවාතැන් පහසුකම් මෙන්ම ආහාරපාන සැපයීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඊට අනුබද්ධ ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස ලබාදීමට කටයුතු කිරීමට නියමිතයි.

ලෙස විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *