Latestදේශීය

විදුලි පාරිභෝගිකයින් සඳහා ඩිජිටල් විදුලි බිල්පත්

ජුලි 01 වනදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් එලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

පහත පරිදි මේ සඳහා SMS ඔස්සේ ලියාපදිංචි විය හැක.

type REG<space>followed by your A/C Number and send it to 1987 

ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචිවීමට පහත පරිදි පිවිසෙන්න.

http://ebill.ceb.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *