Latestක්‍රීඩාදේශීය

කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වරට නවසීලන්තය පරදවයි

අද දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවති එන්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු නමයක විශිෂ්ඨ ජයක් වාර්තා කිර්‍රිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ඕනෑම ක්‍රිකට් තරගයක වාර්තාකරනලද ප්‍රථම ජයග්‍රහනය ලෙස වාර්තා වනවා.

ඕවර 28ක් තුල නවසීලන්තය කඩුලු පහක් දැවී රැස්කල ලකුණු 170ට පිලිතුරුලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 172ක් රැස්කලේ පන්දු හයක් ඉතිරිව තිබියදීවිම කැපී පෙනුනා.

නායිකා චාමරී අතපත්තු නොදැවී ලකුණු 108ක් රැස්කල අතර ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ඇය සමග එක්වූ විශ්මි ගුණරත්න ලකුණු 50ක් රැස්කරමින් 159ක සම්බන්ද තාවයක් ගොඩනැගුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *