Latestදේශීය

රජයේ ක්‍රියාදාමය බැංකුවලට තර්ජනයක්

මෙම වර්ෂයේ මාර්තු 31 වෙනිදා වනවිට බැංකු අංශය විසින් රුපියල් ට්‍රිලියන 10.8ක ණය ලබාදී ඇති බවත් ප්‍රතිව්‍යූහගත කිරීම් සහ අනෙකුත් ගෙවීම් සහනවලට ප්‍රමාණය ට්‍රිලියන 2 ඉක්මවා යන පසුබිමක රජය මේ මොහොතේ අනුගමනය කරනු ලබන ප්‍රවේශය බැංකු ක්ෂේත්‍රයේ සහ සමස්ත ආර්ථිකයේ ස්ථාවරත්වයට තර්ජනයක් වනු ඇතැයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය පිණිස එම සංගමය මෙම කරුණු පෙන්වා දී තිබේ.

එහිදී ඔවුන් වැඩි දුරටත් අවධාරණය කර තිබෙන්නේ “අගතියට පත් ණය ගැතියන්, ව්‍යාපාරිකයන් පිළිබඳව තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුළුල් සහ මනා සම්බන්ධීකරණය ඇතිව සිදුවන බැව් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානත්වයෙන් වාණිජ බැංකු සමඟ එක්ව ප්‍රතිව්‍යූහගත කිරීම් සිදු කරනු ඇතැයි“ අපේක්ෂා කරන බව ය.

එම නිවේදනය පදනම් කර ගනිමින් අද (27) නිකුත් කරන ලද අද පුවත්පතේ මෙම ප්‍රවෘත්තිය “ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරන මැදිහත්වීමක් ඕනෑ“ යන සිරස්තලයෙන් පළකර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *