Latestදේශීය

අස්වැසුම බරපතල අසාධාරණයක්

අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින්ට මෙමගින් සමෘද්ධිය නොලැබී ගිය බවත් සමෘද්ධිය අවශ්‍ය නැති පුද්ගලයින්ට සමෘද්ධිය ලැබී ඇතිබවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

සමීක්ෂණයක් සිදු කරනවානම් වහාම නිසි පරිදි එය සිදුකරන ලෙසටත් වැරදි නිවැරැදි කරන ලෙසටත් ඔහු අවධාරණය කර සිටියි.

සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ මහතා රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.

මෙය කිසිදු දේශපාලන කෝණයකින් නොබැලිය යුතු බවත් මනුෂ්‍යත්වයෙන් මේ පිලිබදව සොයා බලා සමෘද්ධිය ලැබියයුත්තන්ට ප්‍රතිලාභ අත්කරදීමට කටයුතු කර්න ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසීය

@Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *