බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස්ගේ සිරුරු කොටස් හමුවෙයි
පසුගිය ජනවාරි මාසයේ කඳු නැගීමකදී අතුරුදන් වූ බ්‍රිතාන්‍ය නළු ජූලියන් සැන්ඩ්ස්ගේ සිරුරු කොටස් හමුවී තිබෙ.කැලිෆෝනියාවේ කඳුකර ප්‍රදේශයෙන් හමුවූ සැක සහිත මිනිස් සිරුරු කොටස් ඔහුගේ බවට තහවුරු වී තිබෙන බව මේ වන විට විදෙස් මාධ්‍ය පවසනවා
පසුගිය සෙනසුරාදා දිනයේදී කඳු නගින්නන් විසින් සිරුරු කොටස් කිහිපයක් සොයා ගත් බව එරට පොලිසිය සඳහන් කළ අතර මේ වනවිට ඔවුන් පරීක්ෂණ මගින් එම කොටස් බ්‍රිතාන්‍ය නළු ජූලියන්ගේ බවට තහවුරු කරගෙන තිබෙනවා.සැන් ගේබ්‍රියෙල් කඳුකරයේ Baldy Bowl ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි 13 වන දින කඳු නගිමින් සිටියදී ඔහු අතුරුදන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
65 හැවිරිදි ජූලියන් සෑන්ඩ්ස් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔස්කාර් සම්මාන දිනූ A Room With A View චිත්‍රපටයේ ඔහු ලබාදුන් රංගන දායකත්වය වෙනුවෙනුයි.
මරණය සිදු වූ ආකාරය පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

