Latestදේශීය

මාඋස්සාකැලේ දූපතක් එමීර් රාජ්‍යයට

(අංජුල මහික වීරරත්න)

සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි  එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාඋස්සාකැලේ ජලාශයට යාබද ව පිහිටි ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති  යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ආයතන වල එකඟතාවය ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *