යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක්
නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් ඇත. මේ අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය සදහන් කරයි.
ප්‍රධාන අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති අතර ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා කරයි.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ, පුද්ගලයින් 40දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

