ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි
ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් මියගොස් තිබේ.විප්ලවීය සොයාගැනීමක් ලෙස සැලකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය.මියයන විට 100 වැනි වියේ පසුවූ ජෝන් ගුඩ්ඉනෆ් සැලකෙන්නේ, ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා ලෙසය.ගුඩ්ඉනෆ් ගේ මරණය දැනුම් දුන්නේ අමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය විසිනි.ඒ ඔහු අපරිමේය සේවයක් ඉටුකළ කීර්තිමත් විද්‍යාඥයෙකු ලෙස සඳහන් කරමිනි.
ලොවපුරා භාවිතයේ ඇති විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය නිර්මාණය කෙරුණේ ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුවය.ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඔහු රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
එවක ඔහුගේ වයස අවුරුදු 97ක් වූ අතර, එහිදී නොබෙල් ත්‍යාගයක් දිනාගත් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක් වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

