Latestදේශීය

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාරදී ඇති බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති අතර ඔහු මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *