Latestදේශීය

අස්වැසුම විමර්ශන ඇරඹේ

අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබෙන අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමට ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් අභියාචනා මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික , විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි.

අස්වැසුම සාමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හාර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබෙන අතර ලබන 10 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවද කමල් පද්මසිරි මහතා සදහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *